මුලින්ම
පුරා ආයු කල දුකක් වින්දෙමි,
දිවියේ අරමුණ පරම සැපත සොය සොය...
නින්ද නුදුටු නෙත් පෙලා දමමින,
පැන් නුදුටු මුව වියලා දමමින...
ගවු ගණන දුර ගියෙමි ගුරුවරුන් සොය සොය,
ධ්‍යානය ලැබ ගනු පිණිස...
ඊළඟට
පසක් කර ගතිමි,
ආ මගින් පළ නැත...
ස්වයන්ජාතවම ඉපිදවුනු ධ්‍යානය
ලැබගතිමි තනිවම...
නිහඬ අරණක හුදෙකලාවම...
දැහැන්ගත වෙමි...
දැහැන් සුව ලබනෙමි...
අන්තිමට
සැලෙන කිංකිණි නදින් නෙත් හැරියෙමි...
දැනුන අංජන සුවඳ ඩැහැ ගතිමි...
සිත පුරා ගත පුරා දැහැන් සුව වින්ද ගතිමි,
ධ්‍යානය මෙහිද නැති සෙයකි...

0 comments:
Post a Comment