Wednesday, June 3, 2020

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය



වතුර ඉල්ලා පාරට බැසි උන්ටත් වෙඩි තබන, වෙළඳ සංගම් සහ සිසු විරෝධතාවලටත් හමුදාව ගෙන්වා පහර දෙන, අවසානයේ ඒවාට නඩුත් නැති චූදිතයෙකුත් නැති ලංකාව හා සසඳන කල මට නම් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මැජික්ය!

සතියක් පුරා පවතින විරෝධතාද, මිලියන ගණන් දේපල හානිද, පොලිසිය ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීමද, පොලිසියට කෙල ගැසීමද, ධවල මන්දිරය ඉදිරිපස පල්ලි සහ ස්මාරක ගිනි තැබීම් සියල්ල මැද කිසිදු පුරවැසියෙකුගේ ජීවිත හානි නොවී බේරාගැනීමට හැකි වූයේ වෙනත් කිසිවක් නොව, ජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරැකීම සියල්ලටම වඩා වැදගත් වන බව මෙහි පාලකයින් තේරුම් ගෙන සිටීම සහ ඒවාට ගරු කිරීම නිසාය. 

ජනාධිපති Trump හමුදාව යෙදවීමට ඊයේ ආණ්ඩුකාරයින්ට බලකරන විටද, ෆෙඩරල් බලතල සහිත NewYork ආණ්ඩුකාරවරයා අද පැවසුයේ "අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගතයුතු" බවත්, හමුදාව යොදවා මර්දනය කිරීමෙන් හොඳක් සිදු නොවන බවත්, හමුදාව සිවිල් පුරවැසියන් සමග කටයුතු කිරීමට පුහුණු කර නොමැති බවත්ය. ඒ ඊයේ රාත්‍රී NewYork වල දැඩි හානි සිදුවූ කලබගෑනි වලින්ද අනතුරුවය. හමුදාව යොදවා තිබෙන ප්‍රාන්ත වලින්ද හමුදාව ටිකින් ටික දැන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටියි. 


George Floyd ඝාතනයට ලක්වූ මිනියාපොලිස් (Minneapolis) වල ආණ්ඩුකාරවරයා සහ නිලධාරින් අද පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවටම සිවිල් අයිතිවාසිකම් යටතේ නඩු පවරන බවත්, පොලිස් දෙපාර්තමේන්තුව අතින් පසුගිය වසර 10 තුල සිදුවූ සියලුම සිදුවීම් පිලිබඳ පරීක්ෂණ පවත්වන බවත්ය. පොලිසියට එරෙහිව කිසියම් පැමිණිල්ලක් ඇත්නම් ඒ පිලිබඳ මානව හිමිකම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. විශේෂත්වය නම් මේ සියල්ල විපක්ෂයේ දේශපාලකයන් වද්දා ගැනීමෙන් තොරව ජනතාව සහ රාජ්‍ය නිලධාරින් හිතාමතා ක්‍රියාත්මක වීමය.
අපි කවදා නම් මෙතනට එමුද?

2 comments:

nihalw said...

මා ජීවත් වන්නේ ඇමරිකාවේ. ප්‍රජාතන්ත්‍රවාදීයි කියා ගන්නා හැම රටකටම වඩා ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.
ලංකාවේ පොළිස් කාරයන්ට වෙඩි තියන්නට ඉහළ නිලදාරියෙකුගේ අවසරයක් ඕන උනාට ඇමරිකාවේ පොළිස් කාරයන්ට එහෙම අවසරයක් අවශ්‍ය නෑ. සුදුසු යයි හිතෙනවා නම් ඕන වෙලාවක ඕනම කෙනෙකුට වෙඩි තියන්න පුළුවන්.
මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ලබන නොවැම්බරයේ ජනාධිපතිවරණය. නිකමට හරි එකෙකුට වෙඩි වැදුනොත් ට්‍රම්ප්ට අවාසියි. ඒකයි වෙඩි නොතියන්නේ.

හේමලයා said...

මමත් මෙහෙ ඉඳන් තමයි ලියන්නේ. ඔව්, නමුත් උද්ඝෝෂණ කිරීමේ අයිතිය Trumpම පිළිගත්තා. ඇමෙරිකාවේ හරයන් තමා ජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරැකීම.

Post a Comment