තරු පිරුන අහස යට
තනි වෙලා හුන් වෙලාවක
දුටුවා තරුවක් රන්ම රන් පැහැයෙන්
යන්තමට හිනැහෙනවා - සුකොමලයෙන් ඉඟි කරනවා
දැනුන මට හැංගිලා තිවුන ලෙන්ගතු බවක් මතුවෙන්න දඟලනවා
කුලුදුල්ම අහසකට පෑව්ව ඒ තරුව
හිනැහුනා හැමදාම
කතා කළා නෙතු යුගන
හමුවුනා වළාකුල් වියන මැද
ඒ රන්පාට පුංචි දඟකාර තරුව නුඹ
වළාකුල් වියන කඩ වුනත් සුලි සුලඟකට
ඩෑහැගෙන ගියත් නුඹ සිත් අහසේ දුර කොනකට
ඉඩ දෙන්න පුංචි පවන් රැල්ලකට
නිසල මා දෙසට නුඹ රැගෙන පියඹන්න..
Subscribe to:
Posts (Atom)