Wednesday, August 1, 2012

සඳ ගැන සඳට ලියූ කවි...


නිහඬතාවයකින් පස්සේ ජීවිතේ වෙනස් විදියක දකින්න පටන් ගත්තා. ආදරණීය ලෙන්ගතු මතකයන් ගොඩක් පැරණි සිහිවටන විතරක් බවට පත් උනා. වෙනද ආදරෙන් රැක ගත්ත මතකයන් හෙමීට මටත් නොදැනීම අමතක වෙන්න පටන් ගත්තා. නමුත් සුන්දර ස්මරණයන් සහ සුන්දර පුද්ගලයින් ඒ තරම් ඉක්මනට අමතක කරන්න අමාරුයි. ජීවිතෙන් අමතක කරන්න උත්සාහ කරපු ගොඩක් දේවල් වැට කඩුලු බැමි බිඳගෙන එක පාරම හිත ඇතුලත කඩා වැදුනා, පහුගිය දවසක. ඒ වෙලේ හිතට ආව අදහස් ගොන්නක් මේ...

නුඹ නැතුව තැවෙන රැයක
නුඹ ගැනම කවි වියන විටෙක
වදන් නැතුව ගොලුවීකවුළුවෙන් ඉවත බලමි
පෙර දිනක නුඹ හා ලංවී,
කවි ගෙතූ සඳ බැබළෙයි
කවුළුවට නුදුරින්...

ගව් ගණන් දුර ඉඳං
එදා සඳට හොරෙන් කියූ කතා සිහිවෙයි
සඳ ඒවා අසා හිටියදෝ මන්දා,
අද මට ඔච්චමට වගේ හිනාවෙයි...

නුඹටත් පෙනෙන මටත් පෙනෙන
එක විටම මම දිහා බලාගෙන නුඹේ සවනට කොඳුරන සඳ
නුඹත් දැන් සඳට කවි ලියන බව
මටද පවසයි...

යලි කිසි දිනෙක නොහමුවුවත්
කිසි දිනෙක නොදුටුවත්
පෙම් කතා වියැකුණත්
එදා, අද මෙන් හැමදාමත්
කවුළුවට නුදුරින් එබී බලා අඟවාවී
නුඹත් මාත් එක්කම සඳට කවි ලියන බව...

 ඒ සුන්දර මතකයන් හිතේ රජ කරපු දවස් වලම ගත්ත ඡායාරූපයක්...

3 comments:

Amani vindya said...

elazz...gud 1..:))

හේමලයා said...

:) :) :) Thanxxx Budyyzz...!!

ඔබ නොදු‍ටු ලොවක් said...

මරු...

Post a Comment

 
TEMPLATE ERROR: Invalid data reference post.url: No dictionary named: 'post' in: ['blog', 'skin', 'view']